රජය විසින් සිදු කරගෙන යන අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහි වෘත්තිය ක්‍රියාමාර්ග කිසිවිටෙකත් අත්නොහරින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසනවා.
පසුගිය දා පැවති වැඩවර්ජනයත් සමග රජයට දින කිහිපයක අවකාශයක් අදාල ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සලකා බැලීමට ලබා දී ඇති බවටයි ඒ මහතා කියා සිටියේ.
කෙසේ වෙතත් හෙට දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සදහා සාකච්ඡාවක් ලබා දෙනු ඇති බවට විශ්වාස කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ.