අනුරාධපුර ශික්ෂණ රෝහලට අනුබද්ධ මෙත්සිරි සෙවන වාට්ටු සංකීර්ණයේ අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබුණා.
පොලිසිය සදහන් කළේ හිරු රශ්මිය හේතුවෙන් ගොඩනැගිල්ල තුළ උෂ්ණත්වය ඉහළ යාම වළක්වා ගැනීම සදහා යොදන ආවරණයේ මෙම ගින්න හටගත් බවයි.
ස්වසන රෝගීන් සදහා වෙන් වූ කොටසේ මෙම ගින්න හටගෙන තිබුණ.
කෙසේ වෙතත් මෙම ගින්න මැඩ පැවැත්වීමට හැකි වූ බවයි පොලිසිය සදහන් කළේ.
එහි සිටි රෝගීන් 8 දෙනෙකු අනුරාධපුර මහ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.