හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ හබරකැටිය ප්‍රදේශයේදී වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.
අනතුරෙන් පුද්ගලයන් හත් දෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුර අද(19) පස්වරුවේ සිදුව තිබෙනවා.
තුවාලකරුවන් අතරින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.