නුවරඑලිය නගර මධ්‍යයේ තිබු විශාල සයිප්‍රස් ගසක්, ඊයේ (27) දින රාත්‍රී 7.30ට පමණ හමා ගිය දැඩි සුළඟකින් කඩා වැටීමෙන් මාර්ග ගමනාගමනයට බාධා හටගෙන තිබෙනවා .
අප වාර්තාකරු පැවසුවේ, නුවරඑලිය මහජන වෙළඳසැල ඉදිරිපිට සිටි මෙම ගස කඩා වැටීම නිසා, නගර මධ්‍යයේ ගමනාගමන කටයුතු පැයක පමණ කාලයක් සම්පූර්ණයෙන්ම අත්හිටුවිය සිදුවූ බවයි .
නමුත්, එම අනතුරෙන් කිසිවෙකුට තුවාල වීමක් හෝ අනෙක් හානියක් වාර්තා වී නැහැ.
අනතුරට පසු, නුවරඑලිය මහ නගර සභා සේවකයින් සහ නුවරඑලිය පොලිස් නිළධාරින් එක්ව කඩා වැටුණු ගස කපා ඉවත් කිරීමේ කටයුතු සිදු කළා.
ඒ අනුව රාත්‍රී 8.30ට පමණ මාර්ගය යළි සම්පූර්ණයෙන්ම ගමනාගමනය සඳහා විවෘත කරනු ලැබුවා.
නුවරඑලිය පොලීසිය පවසන්නේ, දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මෙවැනි සිදුවීම් සිදුවීමේ අවදානම පවතින බවයි.













