ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙකු පත්කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කළා.
එම නිවේදනයේ දක්වා ඇත්තේ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය සී. අමරසේකර මහතා 2025 ඔක්තෝබර් මස 24 වන දා සිට නියෝජ්‍ය අධිපති ධූරයේ කටයුතු කරනු ඇති.
එමෙන්ම සහකාර අධිපති ලෙස සේවය කළ කේ.ජී.පී. සිරිකුමාර මහතාද 2025 නොවැම්බර් මස 03 වන දා සිට ද ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස පත් කර ඇති බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













