ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගය ජය ගන්නට අයර්ලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 260ක් රැස් කළා.
ශ්
රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් විශ්මි ගුණරත්න ශතකයක් ලබා ගත්තා.
මෙය ඇයගේ මංගල එක්දින ශතකයද වනවා.
පිළිතුරු ඉනිම ක්රිඩා කළ අයර්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 2ක් තුළ කඩුලු 07ක් පමණක් දැවී ලකුණු 261ක් ලබා තරගය ජයග්රහණය කළා.