
යේමනයේ හූති සංවිධානය විසින් සෞදි අරාබියේ අභා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා. සෞදි අරාබිය විසින් යේමනයේ සනා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ එල්ල කළ ගුවන් ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවද හූති සංවිධානය සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. මේ සමඟ සෞදි රාජධානිය සහ ඉරානය හිතවාදී මෙම සන්නද්ධ කණ්ඩායම අතර වසර හතරක් පුරා පැවති සටන් විරාමය බිඳ වැටී තිබෙනවා.














