
යේමනයේ හූති කැරලිකරුවන් විසින් සෞදි අරාබියට ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. එම සංවිධානය සඳහන් කර ඇත්තේ, නජ්රාන් ගුවන් තොටුපළේ ඉලක්කයක් සහ නජ්රාන් ප්‍රදේශයේ පිහිටි ඇරම්කෝ පහසුකම ඉලක්ක කර මෙම ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවයි. ප්‍රහාරවලින් සිදුවූ හානි හෝ ජීවිත හානි සම්බන්ධයෙන්ද මේ වනවිට නිල තොරතුරු වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.














