
රුපියල් මිලියන 212ක වියදමින් පේදුරුතුඩුව මූලික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය වෙනුවෙන් හෙද නිල නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. හෙද නිල නිවාස ප්‍රමාණවත් පරිදි නොමැති වීමෙන් එහි හෙද කාර්ය මණ්ඩලය දීර්ඝ කාලයක් පුරා දැඩි අපහසුතාවයකට පත්ව සිටි අතර, එම ගැටළුවට විසඳුමක් ලෙසයි මෙය ඉදි වන්නේ.














