බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අද(04) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.
හලාවත – පුත්තලම මාර්ගයේ දැදුරු ඔය පාලම ආසන්නයේදී අනතුර සිදුව ඇති අතර ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටිමෙන් අනතුරව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් තුවාල ලැබූ පිරිස හලාවත රෝහලට ඇතුළත් කර ඇති බවත් අනතුර සම්බන්ධයෙන් හලාවත පොලිසිය විමර්ශන සිදු කරන බවත් වාර්තා වනවා.