රට තුළ ඩොලර් අර්බුදයක් නොමැති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ රට තුළ ඩොලර් අර්බුදයක් පවතින බවට රජය සිදු කරන ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.
ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළා.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව සිදු කරන ගනුදෙනු සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා අදහස් පළ කළා.