මේ වසර තුළ පසුගිය වසරවලට සාපේක්ෂව රඹුටන් ගස් ආශ්‍රිතව සිදුවන අනතුරුවල ඉහළ යාමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසා ඇත.
ඇතැම් පුද්ගලයින් විසින් ඵලදාව සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා එම ගස්වලට විදුලි රැහැන් ඇදීම හේතුවෙන් මෙම අනතුරු සිදුවන බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය විරාජ් රෝහණ අබේකෝන් මහතා සඳහන් කරන ලදී.
මෙම අනතුරු හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ මේ වන විට පුද්ගලයින් කිහිපදෙනෙකු ප්‍රතිකාර ලබන අතර කුඩා ළමුන්ට රඹුටන් ආහාරයට ලබාදීමේ දී දෙමව්පියන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ද වැඩිදුරටත් අවදාරණය කරන ලදී.