
පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කිරීමට එහි කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය විසින් අද පියවර ගෙන තිබෙනවා. දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති තද වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර අවදානම පාලනය කිරීම සඳහායි මෙලෙස වාන් දොරටු විවෘත කර තිබෙන්නේ.














