
2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට තවත් රුපියල් මිලියන 2,500ක අරමුදල් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 2026 යල කන්නයේ වී මිලදී ගැනීමේ කඩිනම් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාදී ඇති රුපියල් මිලියන 7,500ක අමතර ප්‍රතිපාදනවලින් මෙම මුදල ලබාදීමට නියමිත බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කලේ.














