පානදුර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පානදුර දකුණ වෑකඩ ප්‍රදේශයේදී අද(29) උදෑසන කාලයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ගරාජයක සිටි පුද්ගලයෙකුට වෙඩි වැඩි බවයි වාර්තා වන්නේ.
පොලිසිය කියා සිටියේ අදාළ පුද්ගලයාගේ පසුපස ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවයි.
අද උදෑසන 10ට පමන වෑකඩ ප්‍රදේශයේ ත්‍රීරෝද රථ අමතර කොටස් විකිණීම සහ අලුත්වැඩියා සිදු කරන ස්ථානයක හිමිකරුට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
සිද්ධියට අදාළ සී.සී.ටී.වී. දර්ශනවලින් දැකගත හැකි වන්නේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනාගෙන් අයෙකු විසින් වෙඩි තැබීම සිදු කරන ආකාරයයි.
වෙඩි ප්‍රහාරයෙන් සුලු තුවාල ලැබූ අදාළ පුද්ගලයා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
පොලිසිය කියා සිටියේ වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා විදේශතව සිටින සංවිධනාත්මක අපරාධකරුවෙකු වන නිලංග නමැත්තාගේ සමීපතමයෙක් බවයි.
පසුගිය දිනවලදී නිලංග සහ පානදුරේ කුඩු සළිඳු යන පාර්ශ්වයන් අතර මාලමුල්ල හා මාදුපිටිය යන ප්‍රදේශවලදී එකිනෙකා අතර වෙඩි තබාගැනීම් කරගෙන ඇති බවට වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.