
ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ 83 වැනි ජන්ම දිනය අදට යෙදී තිබෙනවා. පසුගිය 20 වැනිදා ඇය නාවල පිහිටි සිය නිවසේදී දිවි ගමන නිම කරන විට 82 වියේ පසුවූවා.
අලුත්ගම ලෙවන්දූව ප්‍රදේශයේදී 1943 අගෝස්තු 23 වනදා නන්දා මාලනී මහත්මිය උපත ලබා තිබෙනවා.














