
අභාවප්‍රාප්ත ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිණී, ආචාර්ය නන්දා මාලිනීගේ දේහය මේ වන විට නුගේගොඩ, නාවල, විජයබා මාවතේ පිහිටි ඇගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. ඊයේ සිය නිවසේ දී ඇය මිය යන විට 82 වැනි වියේ පසුවුණා. ආචාර්ය නන්දා මාලිනීගේ අවසන් කටයුතු හෙට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.














