ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් 2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.
වත්මන් තේරීම් කමිටුව පත්වීමෙන් පසු අද ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.













