Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

    2026-08-07

    අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා

    2026-08-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
    • අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා
    • පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර
    • වැසි තත්ත්වය හෙට සිට වැඩිවෙයි – ධීවර ප්‍රජාවට අනතුරු ඇගවීම්
    • වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි
    • සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා
    • මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු රෝහලට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජයේ වැඩපිළිවෙළ සියලු ආගමික නායකයන්ගේ ප්‍රසාදයට

    ජයේ වැඩපිළිවෙළ සියලු ආගමික නායකයන්ගේ ප්‍රසාදයට

    2025-12-19කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ මෙරට ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථානවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ අනෙකුත් ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

    ආපදා තත්ත්වය හමුවේ මෙරට දහසකට අධික ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථානවලට හානි සිදුව තිබෙන අතර, එම ස්ථානවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කර පෙර පැවති තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හින්දුම සුනිල් සෙනෙවි මහතා මෙහිදී සඳහන් කළා.

    අදාළ සියලු ප්‍රතිසංස්කරණ කටයුතු එම ස්ථානවල පෞරාණිකත්වය ආරක්ෂා කර ගනිමින් ගෞරවනීය මහා සංඝරත්නයේ සහ ආගමික නායකයන්ගේ මඟපෙන්වීම යටතේ අදාළ සියලු පාර්ශ්වවල දායකත්වය ලබා ගනිමින් සිදු කිරීම අපේක්ෂාව බවද අමාත්‍යවරයා පැවසුවා.

    ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය මානව සම්පත් සහ අරමුදල් රැස් කිරීම මේ වන විට සිදු කෙරෙන බවත්, එම ස්ථානවලට අදාළ තාක්ෂණික ඇගයීම් වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණ නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙන බවත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතා මෙහිදී සඳහන් කළා.

    එම කටයුතු වෙනුවෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් මෙන්ම, ඒ යටතේ පවතින ආයතනවල නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර තිබෙන බවද ලේකම්වරයා පැවසුවා.

    එමෙන්ම, හානි වූ ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැගීම වෙනුවෙන් මේ වන විට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති අරමුදලට විශාල වශයෙන් දානපතින්ගේ මූල්‍යමය පරිත්‍යාග ලැබෙමින් තිබෙන බවද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා.

    රැස් වූ සභාව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය කරන සර්ව ආගමික කමිටුව ලෙස අඛණ්ඩව කටයුතු කිරීම පිළිබඳවද මෙහිදී අවධානයයොමු වූ අතර ඒ අනුව, ඉදිකිරීම්වල ප්‍රගතිය නිරන්තරයෙන් මෙම කමිටුව වෙත ඉදිරිපත් කිරීමටත්, විනිවිදභාවයෙන් යුතුව අරමුදල සඳහා විදේශ ආධාර, විදේශ සංවිධාන, බෞද්ධ සංවිධාන සහ ආගමික සංවිධානවල ආධාර ලබා ගැනීමේ කටයුතු කමිටුවට භාර කිරීමටත් සාකච්ඡා කෙරුණා.

    පෙර පුව​තදිස්ත්‍රික්ක 5 කට නාය යෑම් අනතුරු ඇඟවීම්
    ඊළඟ පුව​ත දසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා

    සබැ​ඳි පුවත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

    අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර

    වැසි තත්ත්වය හෙට සිට වැඩිවෙයි – ධීවර ප්‍රජාවට අනතුරු ඇගවීම්

    සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

    2026-08-07

    අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා

    2026-08-07

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර

    2026-08-07
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group