
දකුණු කොරියාව සමග ඒකාබද්ධ හමුදා අභ්‍යාස සීමා කරන ලෙස ට්‍රම්ප් පෙන්ටගනයට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දකුණු කොරියාව සමඟ පවත්වන ඒකාබද්ධ හමුදා අභ්‍යාස සැලකිය යුතු ලෙස අඩු කරන ලෙසයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්ටගනයට නියෝග කර තිබෙන්නේ. ට්‍රම්ප් පවසන්නේ, මෙම හමුදා අභ්‍යාස සඳහා විශාල මුදලක් වැය වන බැවින් උතුරු කොරියාවට අනවශ්‍ය ලෙස සතුරු සංඥාවක් ලබාදෙන බවයි උතුරු කොරියානු නායක කිම් ජොං උන් සමඟ තමන්ට ඉතා යහපත් සබඳතාවක් පවතින බව ද ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා. එමෙන්ම, ඉරානය සම්බන්ධයෙන් අමෙරිකාව ගෙන යන ක්‍රියාමාර්ගවලට සහාය දැක්වීමට දකුණු කොරියාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ද ට්‍රම්ප් සිය අප්‍රසාදය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. කෙසේ වෙතත්, අමෙරිකානු සහ දකුණු කොරියානු හමුදා විසින් වාර්ෂිකව පවත්වන ඒකාබද්ධ හමුදා අභ්‍යාසය නියමිත පරිදි අද සිට ආරම්භ කර තිබෙනවා.














