
හදිසි අවස්ථාවලදී ආරක්ෂක අමාත්‍යාංශයේ සේවයේ නියුතු පශු වෛද්‍ය නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමට පරිසර අමාත්‍යාංශය කටයුතු කර ඇති බව වනජීවී හා සත්වෝද්‍යාන පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ වනජීවි පශු වෛද්‍යවරුන් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්. අමතර සේවා කාල දීමනාවක් ගෙවීම, අවධානම් දීමනාවක් ගෙවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කරනවා. ඒ අනුව මාස දෙකහමාරකට අධික කාලයක් වනජීවි පශු වෛද්‍යවරුන් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. කෙසේවෙතත්, මේ දක්වා තම ගැටලු වලට විසදුම් ලබා දීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවයි වනජීවී හා සත්වෝද්‍යාන පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා සඳහන් කළේ.














