
අද දිනයේ සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද සඳහන්. මේ අතර, මෙම වසර අවසානය වන විට එල්නිනෝ තත්ත්වය ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පැවසුවේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, මෙය ඉතා ප්‍රබල එල්නිනෝවක් බවට පත් වීමේ සම්භාවිතාව සියයට 70ක් වන බවයි.














