ඇමරිකාව පුරා සිටින සියලුම හින්දු භක්තිකයන් සමඟ එකට එකතු වීමේ අවශ්‍යතාවයක් පවතින බව අමෙරිකානු කොන්ග්‍රස් සභික ෂීලා ජැක්සන් ලී පවසනවා.
ඇය මේ බව සඳහන් කර ඇත්තේ ඉකුත්දා පැවැති හින්දු – අමෙරිකානු සමුළුව අමතමින්.අමෙරිකාවේ සිටින හින්දු භක්තිකයන්ගේ බලය ශක්තිමත් බවයි ඇය එහිදී පවසා ඇත්තේ.
එබැවින් අමෙරිකාව පුරා සිටින සියලුම හින්දු භක්තිකයන් සමඟ එකට එකතු විය යුතු බවත්, එමගින් යහපත් දේ කිරීමට හැකියාව තිබෙන බවත් ඇය පවසා තිබෙනවා.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු රාජ්‍ය සංචාරය හෙටින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ආරාධනයකට අනුවයි.
එම සංචාරය අතරතුර ඔහු අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය නියෝජනය කරන මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනට් සභාවේ නියෝජිතයන් එකවර අමතනු ඇති
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට












