සිරියාවේ ඩැමස්කස් අගනුවර ඉරාන තානාපති කාර්යාල ගොඩනැගිල්ලට ඊශ්රායල් ප්රහාරයක් එල්ල කර තිබෙනවා.
ඉරාන විප්ලවවාදී ආරක්ෂක අංශය පැවසුවේ එහිදී නිලධාරීන් 7 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
මෙලෙස තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් එල්ල වී ඇත්තේ මිසයිල ප්රහාරයක් බවත් ප්රහාරය සම්බන්ධයෙන් ඊශ්රායලය මෙතෙක් කිසිදු ප්රකාශයක් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ.