
සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී ඇති ශ්‍රී ලාංකික තරුණයා නිදහස් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය හදිසි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් සිදුකළ යුතුව ඇති බව හිටපු විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. සිය “X” ගිණුමේ සටහනක් තබමින් අලි සබ්රි මහතා සඳහන් කර ඇත්තේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අනෝජන් සිවරාජා නමැති තරුණයාට මුලින් නියම වී තිබූ පස් අවුරුදු සිර දඬුවම, මරණ දඬුවම දක්වා ඉහළ දමා ඇති බවයි. ඒ සම්බන්ධයෙන් තමන් දැඩි කනගාටුවට සහ කනස්සල්ලට පත්ව සිටින බවද එම සටහනේ දක්වා තිබෙනවා.














