ශ්රී ලංකා මහ බැංකුව අද නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල සටහන් වුයේ රුපියල් 311.26 ක් ලෙසයි. විකුණුම් මිල රුපියල් 328.60 ක් ලෙස සටහන් වුනා.
ඊයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 312.61 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 330.16 ක් ලෙස සටහන් වී තිබුනා.