
වියට්නාමයේ උතුරු දෙසින් පිහිටි ‘ලායි චාවු‘ ප්‍රදේශයේ ඇති කඳුකර ගම්මානයක් හරහා හදිසි ගංවතුරක් ගලා ගොස් තිබෙනවා.
ඒ හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
දින ගණනාවක් පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇති බව සඳහන්.














