
මීරිගම, මදුරුපිටිය ප්‍රදේශයේ දී මාඔයේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකු දියේ ගිලී එක් අයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ මාඔයේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකු දියේ ගිලී ඇති අතර ඉන් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවයි. එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ එක් අයෙකු මියගොස් ඇති අතර ඔහු 19 හැවිරිදි මීරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව තරුණයෙක්.













