
වසරකට අධික කාලයක් තිස්සේ නවතා දමා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය කිරීම වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුවේදී අද(08) ආරම්භ කර තිබෙනවා.
ප්‍රවාහන අමාත්‍යංශය කියා සිටියේ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත ඇරඹුණු බවයි.
එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වාහන ලක්ෂ හයකට අධික සංඛ්‍යාවක් මේ වන විටත් වාහන අංක තහඩු නොමැතිව තිබෙන බවයි.
එලෙස නිල අංක තහඩු ලබාගෙන නොමැති අයට අදාළ අංක තහඩුව මුද්‍රණය වූ සැණින් ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබෙන බවත් එය පැය දෙකක් වැනි කෙටි කාලයක් තුළදී ලබාගැනීමට හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.














