
රටම එකට ජාතික මෙහෙයුම් යටතේ ඊයේ සිදුකළ මෙහෙයුම් මගින් සැකකරුවන් 730 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සැකකරුවන් 11 දෙනෙකු සඳහා රැඳවුම් නියෝග ලබා දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මෙහෙයුම් මඟින් හෙරොයින් ග්‍රෑම් 423ක්, අයිස් ග්‍රෑම් 550ක්, ගංජා ග්‍රෑම් 405ක් සහ ගංජා පැළ 2,589ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.














