
නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මේ වන විට එහි තත්ත්වය පාලනය කර ඇති අතර රැඳවියන් 9 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමටද පියවර ගෙන ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා ප්‍රකාශ කළේ. බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම අද දින සිදු නොකිරීමටද තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.














