
මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්දයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයන් අද දිනයේ සිදුකරන බව පොලිසිය පවසනවා. මේ අතර මහේෂ්ත්‍රාත් පරීක්ෂණය ඊයේ දිනයේ සිදුකළ බවයි පොලිසිය සදහන් කලේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ මහර බන්ධනාගාරයේ පසුගිය සෙනසුරාදා දින ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසුව රැදවියන් 104දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බවයි. ඒ අනුව ඔවුන් දුම්බර, වැලිකඩ, බුස්ස, කළුතර, බදුල්ල, මඩකලපුව හා පොලොන්නරුව යන බන්ධනාගාර වෙත මාරුකර යවා තිබෙනවා.














