කරදියනාරු සහ අග්බෝපුර යන ප්‍රදේශවල සිදු වූ රිය අනතුරු දෙකකින් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කරදියනාරු A-05 මාර්ගයේ රූගම ප්‍රදේශයේ චෙන්කල්අඩි දෙස සිට මහඔය දෙසට ධාවනය වූ බස් රථයක පාර මාරු වෙමින් සිටි කුඩා දරුවෙකු ගැටී අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ දරුවා කරදියනාරු රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.
මෙලෙස මියගොස් ැඅත්තේ වයස අවුරුදු අටක් පමණ වූ රූගම ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කරදියනාරු පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර අග්බෝපුර සිනිපුර මාර්ගයේ සිදු වූ අනතුරකින්ද පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ප්‍රදේශයේ අතුරු මාර්ගයක ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව පෙරලී යාමෙන් අනතුරක් සිදුව ඇති බවයි.
අනතුරුවෙන් බරපතල තුවාල ලැබූ පැදිකරු අග්බෝපුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිට ඇති බවද පොලිසිය පවසනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අග්බෝපුර, රජවැව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 16ක් පමණ වන පාසල් සිසුවෙකි.
මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කන්තලේ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් අග්බෝපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.