Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්

    කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්

    2025-07-07කියවීමට මිනිත්තු 2ක් ගතවේ.132 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා.

    කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ යමින් සිටි මවක සහ ඇගේ 12 හැවිරිදි දියණියද වෙඩි ප්‍රහාරවලට ලක්ව තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල්ගත කර සිටිනවා.
    මීට ටික කලකට උඩදී මන්නා රමේෂ්ගේ කල්ලියේ සාමාජිකයෙකුට කොටහැර පොඩ්ඩා පහරදී තිබූ අතර ඊට පළිගැනීමක් ලෙස ඔහු ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

    මන්නා රමේෂ් නමැති පාතාල නායකයා අවිස්සාවේල්ල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පාතාල ක්‍රියාකාරකම්වල නිරත වී සිටින අතර ඔහු මේ වන විට බන්ධනාගාර ගතව සිටින බවද පොලිසිය පවසනවා.

    ආශ්‍රීත පුවත්:  මවට සහ දියණියට තුවාල කරමින් කොස්ගම සලිත කළ වෙඩිල්ල

    හංවැල්ල ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් නරඹා ආපසු නිවස බලා යමින් සිටි කොටහැර පොඩ්ඩා ඇතුළු තිදෙනා ගමන් ගත් ත්‍රීරෝද රථය ලුහුබැඳ යතුරු පැදියකින් පැමිණි පාතාල කුළි වෙඩික්කරුවන් දෙදෙනෙකු මිලිමීටර් 9 වර්ගයේ අවියක් යොදාගෙන වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

    ජුලි මස 06 වන දින අලුයම 2-10ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    ප්‍රහාරය එල්ලවීමෙන් පසු ත්‍රීරෝද රථයෙන් පැනගත් කොටහැර පොඩ්ඩා අසල නිවසකට දිවගොස් එහි සැඟවී ජීවිතය බේරාගෙන තිබෙනවා.

    පසුව ප්‍රදේශවාසීන් විසින් තුවාල ලබා සිටි කොටහැර පොඩ්ඩා, මව සහ ඇයගේ දියණිය රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  මන්නා රමේෂ් හැදුනේ කාගේ අත් වලද? නියෝජ්‍ය පොලිස්පති සියල්ල හෙළි කරයි (වීඩියෝ)

    මෙම ප්‍රහාරයෙන් පසු කොස්ගම සහ ඒ අවට ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

    කොස්ගම, රුවන්වැල්ල, දෙහිඕවිට, ගලපිටමඩ, අවිස්සාවේල්ල පොලිසිවල නිලධාරීන් සහ පූගොඩ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.

    ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එම ප්‍රදේශයේ තිබූ සී.සී.ටී.වී. කැමරා දර්ශන ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පවසන්නේ.

    ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

    උපුටා ගැනීම : දිවයින පුවත්පත
    ආශ්‍රීත පුවත්:  මන්නා රමේෂ්ගේ නිවසේ සඟවා තිබු භාණ්ඩ තොගයක් සොයා ගැනේ
    ආශ්‍රීත පුවත්:  'මන්නා රමේෂ්' දිවයිනට රැගෙන එයි
    ආශ්‍රීත පුවත්:  "මන්නා රමේෂ්" අත්අඩංගුවට
    Kosgama shooting
    පෙර පුව​තදරුවෙක්ට සහ පාසල් සිසුවෙක්ට දිවි අහිමි කළ අනතුරු දෙක
    ඊළඟ පුව​ත නිදහස් සෞඛ්‍ය කියන්නේ ඉස්පිරිතාලේ තුන්ඩු අරන් ෆාමසියෙන් බෙහෙත් ගන්න එක නෙවෙයි

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group