හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති අල්ලස් නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන මස 9 වනදා එම නඩුව යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.
ඒ, මෙම නඩුව මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී.
2012 වර්ෂයේ දී වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ලංකා සතොස ආයතනයේ සේවකයින් රාජකාරීවලින් ඉවත් කර දේශපාලන ක්‍රීයාවල යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමිනුයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.
උණුසුම් පුවත්
- කොහුවල වෙඩි තැබීමට සැකපිට අයෙක් අල්ලයි
- රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි
- රටවල් 14 කට ඇමරිකාවෙන් තීරු බදු
- ජූනි මාසයේ නිල සංචිත වත්කම් පහළට
- ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
- එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් ඉහළට
- පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්
- දියවැලට අසුවූ සිව් දෙනෙක්ගේ දිවි රැකෙද්දි වාකරේදී දරුවන් තිදෙනෙක් දිය රකුසාට බිළි