ගැබිණි මව්වරුන් සඳහා රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනා ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව රුපියල් 20,000ක්ව පැවති ගර්භණී මව්වරුන්ගේ පෝෂණ දීමනාව රුපියල් 45,000 ක් දක්වා ඉහල දමා ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. ගර්භණී සමයේ මාස 6ක කාලයකුත්, කිරිදෙන සමයේ මාස 4කුත් ලෙස මාස 10 ක කාලයක් සඳහා ප්‍රතිලාභ හිමිවනු ඇති. මාසිකව රුපියල් 4500 බැගින් ගර්භණී මව්වරුන්ට එම පෝෂණ දීමනාව ලබාදීම සිදුකෙරෙන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය සඳහන් කළා.
උණුසුම් පුවත්
- පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් හිටපු පොහොට්ටු මන්ත්‍රීන් දෙදෙනෙකු සමග හතරක් අල්ලයි
- ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් මිය ගිය ගණන ඉහළට
- පාසල් දරුවන්ගේ වාර ප්‍රවේශ පත්‍ර ගැන දැනුම්දීමක්
- උතුරු කොලොම්බියාවේ බස් රථ අනතුරකින් 17 ක් ජීවිතක්ෂයට
- පුරාවස්තු සොයා කැණීම් කළ 6 දෙනෙකු අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය කිලෝ 21 ක් කටුනායකදී අත්අඩංගුවට
- දවස් 18කට පසු නාවලපිටිය මහනුවර මාර්ගය රථ වාහන ධාවනයට විවෘත කෙරේ
- හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්













