
යාපනය, උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ සංවර්ධන නිලධාරිනියක් විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කාර්යාල පරිශ්‍රයේ පිහිටි ඔසු උයනට ජලය සපයමින් සිටි අවස්ථාවේදී සිදුවූ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 37 හැවිරිදි කාන්තාවක්.














