නාවික හමුදාව සිදු කරනු ලැබූ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඉන්දීය ධීවරයන් හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදු තීරයේදීයි.
ඉන්දියාවේ රාමේෂ්වරම් සිට මුහුදු ගිය ධීවරයන් පිරිස්ක මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතු කරමින් සිටියදීයි.
නාවික හමුදා භාරයට ගනු ලැබූ ධීවරයන් සහ බෝට්ටු කන්කසන්තුරේ ධීවර වරායට භාරදී තිබෙනවා.
මෙම වසරේ පසුගිය කාලය තුළ ඉන්දීය ධීවරයන් එකසිය අසූවකට අධික පිරිසක් සහ බෝට්ටු 24ක් පමණ මෙරට භාරයට ගෙන තිබෙනවා.