ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ දඹුල්ලේ පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 83 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 7 ක් දැවී ලකුණු 177 ක් රැස් කිරීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15 යි පන්දු 2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 94 ක් පමණයි. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 32 ක් රැස් කළ අතර දසුන් ශානක ලකුණු 20 ක් රැස් කළා. කුසල් මෙන්ඩිස් ලකුණු 08 කට දැවී ගිය අතර නායක චරිත් අසලංක ලකුණු 05 කට සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 02 කට දැවී ගියා. මේ අතර පන්දු යැවීමේදී රිෂාද් හොසේන් කඩුළු 3 ක් දවා ගත් අතර ෂොරිෆුල් ඉස්ලාම් සහ මොහොමඩ් සයිෆුඩීන් කඩුළු දෙක බැගින්ද , මුස්තාෆිසුර් රහ්මන් සහ මෙහිදි හසන් මිරාස් එක් කඩුල්ල බැගින් දවා ගැනීමටද සමත් වුණා. මෙම පරාජයත් සමග තවත් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය ජය ගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වීම කැපී පෙනෙන සිද්ධියක්.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













