
අභාවප්‍රාප්ත කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා ලෙස ගෞරවයට පාත්‍ර වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙරට වෙලාවෙන් ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍යවරිය කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ. මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් හිටපු එමීර්වරයාගේ අභාවය පිළිබඳ ශෝකය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට අග්‍රාමාත්‍යවරිය නියමිතයි. එමෙන්ම, මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව යළි තහවුරු කිරීම මෙන්ම, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබිඹු කරන අවස්ථාවක් ලෙසද මෙය සැලකෙනවා. එමෙන්ම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද එම අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා එම ගුවන් යානයෙන්ම දෝහා බලා පිටත්ව ගොස් තිබුනා.














