
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ සාකච්ඡාවක් අද පැවැත් වීමට නියමිත බව විශ්වවිද්‍යාලීය අචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ, තම ගැටලු සඳහා නිසි විසඳුම් ලැබෙන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට තීරණය කර ඇති බවයි.














