ජයේ ආයතනවල ඉහළ තනතුරු ඉදිරියේදී වෙනස් කිරීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා මේ වන විටත් සාකච්ඡා කරමින් පවතින බවයි.
ඒ අනුව ඉදිරියේදී රජයේ ආයතනවල සභාපති, අධ්‍යක්ෂක මණ්ඩල ප්‍රධානීන් ඇතුළු තනතුරු ගණනාවක වෙනස්කම් ඉදිරි දින කිහිපයේදී සිදුකිරීමට නියමිතව ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.














