
බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි හෙට සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම මෙහෙයුම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කරනු ලබනවා.
එමෙන්ම සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ ස්වේච්ඡා සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසකගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.














