භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ හිටපු සභාපති, අනුර වල්පොල මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කරනු ලැබුවා.
අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අද පෙරවරුවේ මෙම හිටපු සභාපතිවරයාව අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කලේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කලා.
එමෙන්ම මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුගේ විදේශ ගමන් ද තහනම් කරන බවයි.
සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් මෙහිදී සැකකරුට අවවාද කළා.
2020 වසරේ ජනවාරි මස 30 වනදා ඩී. අනූපමා නමැත්තිය අදාළ කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ තොරතුරු තාක්ෂණ තනතුර සඳහා විධිමත් ආයතනික පත්වීම් පටිපාටිය උල්ලංඝනය කරමින් බඳවාගැනීම තුළින් ඇයට වාසියක් සලසා දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
අදාළ සැකකරු සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීම් කරනු ලබුවා.
ඒ අනුව සැකකරු ඇප මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා නඩුව යළි ජනවාරි මස 23 වන දා කැඳවීමටයි නියම කළේ.











