කොළඹ සිට වැලිමඩ දක්වා ධාවන වූ බස් රථයක් හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේදී පෙරලීමෙන් බස් රථයේ රියදුරුවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියදුරු අසුන අසල පිහිටි දොර විවෘතව ඇති බවත් ඒ අවස්ථාවේදී රියදුරු එම දොර වැසීමට තැත් කර ඇති බවත් එහිදී බස් රථය පාලනය කරගත නොහැකිව අසල තිබූ පස් කණ්ඩියක ගැටී බස් රථයේ මාර්ගයේ පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් තවත් තුන් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
එලෙස තුවාල ලබා ඇත්තේ බස් රථයේ කොන්දොස්තරවරයා, කුඩා ළමයෙක් සහ කාන්තාවක් බවටයි වාර්තා වන්නේ.
අනතුරෙන් පසුව මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී තිබෙනවා.










