ගනේමුල්ලේ සංජීව ඝාතනයේ මහ මොළකාරිය ලෙස අත්අඩංගුවට පත් ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේ බක්තපූර් හි රැදී සිට ඇත්තේ ඉන්දියාවේ බැංගලූර් හි කාන්තාවක් ලෙසින් බවට අනාවරණය වී තිබෙනවා.
ඇය ජේකේ බායි නැමැත්තා සමගින් සුඛෝපභෝගී මෙම නිවස කුලී පදනම මත නිවෙස් හිමිකරුගෙන් ලබාගෙන මාසයක කාලයක් එහි සිට තිබෙන බවද විමර්ශන නිලධාරීන් අනාවරණය කරගනු ලැබුවා.
එසේම ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇතැයිද විමර්ශන අංශ හෙළිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
( 2025.10.16 වන දින අරුණ පුවත්පතේ පළවූ ලිපියක් ඇසුරෙන් උපුටාගත්තකි )