සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවා තිබෙනවා.
ඒ ගිං සහ නිල්වලා ගංඟා ද්‍රෝණිවල ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන්
ඉදිරි පැය 24 තුළ මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි එම අනතුරු ඇගවීමේ දක්වා ඇත්තේ.
මේ හේතුවෙන් නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය – දිවිතුර, ඇල්පිටිය සහ අක්මීමන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව සදහන්.
නිල්වලා ගංඟා ද්‍රෝණියේ ජල මට්ටම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරුස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවද එහි වැඩි දුරටත් දක්වා තිබුණා.













