රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසල්, මස් මාංශ අලෙවි සල් ඇතුළු ස්ථාන දින තුනක් වසා තැබෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව එළඹෙන 12,13 සහ 14 යන දිනවල දිවයිනේ පිහිටි සියලු සුරාසල්, මස් මාංස අලෙවි සල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තබන බවයි එම අමාත්‍යාංශය සදහන් කරන්නේ.
එමෙන්ම සුරාසල් වසා තබන කාලයේ බලපත්‍ර නීති කඩ කරන ස්ථාන සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ 1913 ක්ෂණික අංකයට හෝ 0112 877 688 අංක වෙත දැනුම් දෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.