සීගිරිය සංරක්ෂණය සඳහා වූ අන්තර් ආයතනික කමිටුවේ නිර්දේශ ඇතුලත් වාර්තාව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා වෙත භාර ද තිබෙනවා.
ඒ සීගිරිය මධ්‍යම සංස්කෘතික අරමුදලේ ශ්‍රවණාගාරයේදීයි.
ඉපැරණි සීගිරිය නගරයේ කැපීපෙනෙන විශ්වීය අගයන් අගයන් අතර දක්නට ලැබෙන ඓතිහාසික, පුරාවිද්‍යාත්මක, වාස්තුවිද්‍යාත්මක, සෞන්දර්යාත්මක, විද්‍යාත්මක, තාක්ෂණික හා නාගරික භූ දර්ශනය යන ක්ෂේත්‍රයන් අරාක්ෂා වන පරිදි උරුමය සංරක්ෂණය කිරීම හා සංවර්ධනය සමතුලිතව පවත්වා ගැනීමේ අරමුණින් මෙම යෝජනාවලිය සකස් කර තිබෙනවා.
සීගිරිය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමේ අවධානම සඳහා පිළියම් යෙදීම.
සීගිරිය පිටත දිය අගලේ සිට යාර 200 සහ 400 දක්වා වූ පදිංචිකරුවන් ඉවත්කර ස්වභාවික පරිසර පද්ධතිය, සංස්කෘතික භූ දර්ශනය සහ සීගිරියේ නිර්මිත පරිසරය සංරක්ෂණය කර සීගිරිය තිරසාර සංචාරක ගමනාන්තයක් බවට පත්කිරීම.
සීගිරිය පිටත දිය අගලේ සිට යාර 200 දක්වා වූ අධිසංවේදී කලාපයේ පදිංචිකරුවන් ක්‍රමානුකූලව ඉවත්කිරීම.
යාර 400 සිමාවේ ගැටලු විසඳාගැනීම දුෂ්කර වන්නේ නම් පමණක් විකල්පයක් ලෙස අන්තර් ආයතනික කමිටුවේ නියාමනයට යටත්ව සංචාරක කර්මාන්තයට උචිත වන පරිදි ප්‍රජාව මෙහෙයවීම.
ඇතුළු යෝජනා රැසක් එහි ඇතුලත් වනවා.
මෙම අවස්ථාවට මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද, ප්‍රදේශයේ ජනතා නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියා.
වාර්තාව භාරගැනීමෙන් පසු අමාත්‍යවරයා ඇතුළු පිරිස සීගිරියේ සංචාරයක ද නිරත වූ අතර සංචාරකයන් සඳහා නවීන සනීපාරක්ෂක පද්ධතියක් ස්ථාපිත කිරීම, සංචාරක ආරක්ෂාව සඳහා ගතයුතු ක්‍රියාමර්ග ආදිය පිළිබඳවද අවධානය යොමු කළේය.