අම්බලන්ගොඩ, කහව ප්‍රදේශයේ සිට සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මළගෙදරකට වෑන් රථයකින් පසුගිය 14 වැනිදා යමින් සිටි තරුණයන් හත් දෙනෙකු ළඟ තිබී අයිස්, හෙරොයින් සහ ගංජා මත්ද්‍රව්‍ය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
බහුදින ධීවර යාත්‍රාවක සේවය කරන ධීවර කාර්මිකයන් පිරිසක් වෑන් රථයකින් යමින් සිටියදී මොනරාගල නගරය ආසන්නයේදී පරීක්ෂා කිරීමේදී තරුණයන් හත් දෙනෙකු ළඟ මෙසේ මත්ද්‍රව්‍ය තිබී හමුවී තිබෙනවා.
මෙම පිරිස අවුරුදු 2ත් 30ත් අතර පසුවන අම්බලන්ගොඩ කහම ප්‍රදේශයේ පදිංචි අය බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් සහ නඩු භාණ්ඩ මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.













